මංගල අද මානව හිමිකම් සමුළුව අමතයි
February 28, 2017 08:22 am
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද(28) ජීනිවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
34 වන ජීනිවා මානව හිමිකම් සමුළුව ඊයේ(27) දිනයේ ආරම්භ වු අතර එය ලබන 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබදව මෙහිදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සමුළුව දැනුවත් කිරීමට නියමිතව තිබේ.
රජයේ සංහිදියා කාර්යය සාධක බලකාය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබදව මෙන්ම ජීනිවා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලය ලබාදීම පිළිබදව ද මෙහිදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කරනු ඇත.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ඉදිරිපත් වීමට නියමිතව තිබේ.