ජනපති සහල් වෙළෙන්දුන්ට අනතුරු අගවයි

ජනපති සහල් වෙළෙන්දුන්ට අනතුරු අගවයි

February 27, 2017   08:04 pm



පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත අද (27) නියෝගක් නිකුත්කර තිබේ.

සහල් පාලන මිලට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ ඉකුත් 08 වැනිදාය.

කෙසේ වෙතත් සහල් පාලන මිල ඉක්මවමින් ඇතැම් වෙළඳුන් සහල් අලෙවි කරන බවටද පැමිණිලි ලැබී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් සිදු කරන ලෙස අදාළ අංශ වෙත නියෝග කර ඇත.