පානීය ජල සැපයුම අඩාල වෙලා
සයුරෙන් එතෙර

පානීය ජල සැපයුම අඩාල වෙලා

February 27, 2017   12:41 pm


අධික වර්ෂාව සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් චිලී හි සැන්ටියාගෝ අගනුවර ප්‍රධාන ගංගාවේ ජලය අපවිත්‍රවීම හේතුවෙන් මිලියන 04ක පමණ පිරිසකට පානීය ජල සැපයුම අඩාල වී තිබේ.

නිලධාරින් පවසන්නේ මායිපෝ ගංඟාවේ ජලය පිරිසිදු කර ලබා දෙන තෙක් ජල සැපයුම අඩාල වන බවය.

එරට නිලධාරින් විසින් පානීය ජලය ලබා ගැනීමට තැනින් තැන ජල ටැංකි ස්ථානගත කර ඇති අතර ජනතාව බෝතල් කළ ජලය වැඩි වශයෙන් ලබා ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.

මේ අතර අද (27)දිනයේ ආරම්භවීමට නියමිතව තිබූ පාසල් වාරය ද කල්දමා ඇති බව වාර්තා වේ.