චීනයේ හෝටලයක ගිනි ගැනීමක්-10ක් මරුට
සයුරෙන් එතෙර

චීනයේ හෝටලයක ගිනි ගැනීමක්-10ක් මරුට

February 26, 2017   12:44 pm



චීනයේ හෝටලයක් තුළ සිදුවු ගිනිගැනීමකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

චීනයේ නන්චෑන්ග් ප්‍රදේශයේ පිහිටා තිබු හෝටලයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී තවත් පුද්ගලයින් 16 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 අදාළ ගින්න හටගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.