ආඝාත රෝග තුරන් කරන්න දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි

ආඝාත රෝග තුරන් කරන්න දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි

February 26, 2017   12:21 pm



මෙරටින් ආඝාත රෝග තත්ත්වය තුරන් කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ආඝාත රෝගය ව්‍යාප්තවීම ප්‍රධානතම හේතුව බවයි.

 ආඝාත රෝගය පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් ආඝාතය වැළැක්වීම පෙරදැරි කරගත් ශ්‍රී  ලංකා ජාතික ආඝාත සංගමය විසින් සංවිධානය කර තිබු පාගමනට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

“අඳුරු දිවියට එළිය දහරක්“ යන තේමාව යටතේ ජාතික ආඝාත දින පාගමන අද(26) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විහාරමහාදේවී උද්‍යානයේ දී ආරම්භ වුණි.