උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

February 26, 2017   12:18 pm



දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ඇණහිට තිබු උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.

තඹුත්තේගම සහ සෙනරත්ගම අතර ප්‍රදේශයේ දී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණි.

කොළොන්නාවේ සිට අනුරාධපුරය බලා ධාවනය වු තෙල් ප්‍රවාහන දුම්රියක්  අද (26) අළුයම පීලිපැනීමට ලක්වු බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ හේතුවෙන් අනුරාධපුරයේ සිට අද අළුයම 5.00ට කොළඹ බලා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබු දුම්රිය ද ප්‍රමාද කොට ධාවනය කර තිබේ.

පීලිපැනීමට ලක්වු තෙල් ප්‍රවාහන දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව දුම්රිය මාර්ගය පිළිසකර කර ඇති බව  දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.