බලපත් නැති දැව සමඟ අයෙක් අල්ලයි

බලපත් නැති දැව සමඟ අයෙක් අල්ලයි

February 26, 2017   12:09 pm




යක්කලමුල්ල, වටෝගල රක්ෂිතයේ බලපත්‍ර නොමැතිව දැව තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 ගාල්ල පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී කොස් දැව කැබලි  78ක් සහ මහගෝනි දැව 188ක් පොලිස් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.

 අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල අඩවි වන නිලධාරී කාර්යාලයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.