කිසිම පක්ෂයක් ජනතාවගේ සුබසිද්ධියට කටයුතු කළේ නෑ

කිසිම පක්ෂයක් ජනතාවගේ සුබසිද්ධියට කටයුතු කළේ නෑ

February 26, 2017   12:07 pm



රට පාලනය කළ කිසිඳු පක්ෂයක්  ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ කිසිඳු රජයකට ජනතා ගැටළු විසඳීමේ හැකියාවක් නොමැති බවයි.

නිකවැරටිය, තඹරොඹුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ පවතින්නේ පන්ති අතර බලය බෙදීම පිළිබද ප්‍රශ්නයක් බව ඒ මහතා පෙන්වා දී ඇත.

 අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල - මහව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ වසර 70 ක් පුරා රට පාලනය කරන ලද්දේ එක් පන්තියක් පමණක් බවයි.

රටේ තිබෙන ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ඉහළ පන්තියෙන් පහළ පන්තියට බලය ලබා ගත යුතු බව ඔහු සඳහන් කළේය.

ඉහළ පන්තිය සමඟියෙන් කටයුතු කරන බවත් පහළ පන්තිය බෙදී සිටින බවත්, අනුර කුමාර දිසානායක මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර තිබේ.