දුම්රියට ගල් ගැසූ 3ට වැඩ වරදී
February 26, 2017 11:19 am
දුම්රියට ගල් ගැසු පුද්ගලයින් තිදෙනෙකු වව්නියාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියට ඊයේ(25) රාත්රී කාලයේ වව්නියාව මැද චෛත්යකුලම් ප්රදේශයේ දී අදාළ පුද්ගලයින් විසින් ගල් ප්රහාර එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි හැවිරිදි වියේ පසුවන වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.
ඔවුන් අද(26) වව්නියාව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .
මේ අතර කොළඹ සිට තෛලෙයි මන්නාරම දක්වා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය පවසයි.
26 වැනිදා පෙරවරු 9.00 ට පමණ පුත්තලම - හලාවත මාර්ගයේ තිල්අඩිය ප්රදේශයේදී මෙම ගල් ප්රහාරය එල්ල වී ඇත.
ප්රහාරයට ලක්ව ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ මීගමුව ඩිපෝවට අයත් බස් රථයකි.
ගල් ප්රහාරය හේතුවෙන් බස් රථයට හෝ එහි ගමන් කළ කිසිවෙකුට හානි සිදුවී නැත.
කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ගල් ප්රහාරය එල්ල කලාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරයි.
පසුගිය සතියේ හලාවත - පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව ප්රදේශයේදී ලංගම සහ පුද්ගලික බස් රථ දෙකකටද ගල් ප්රහාරයන් එල්ල වී තිබුණි.