විධායක සභාව-කාරක සභාව මාර්තු 02 රැස්වෙයි

විධායක සභාව-කාරක සභාව මාර්තු 02 රැස්වෙයි

February 26, 2017   11:06 am



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව මාර්තු 2 වැනිදා රැස් වේ.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී එම කමිටුව රැස්වීමට නියමිතය.
ඒ සඳහා සහභාගී වන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්හට ද ආරාධනා කර ඇති බව වාර්තාවේ.

කෙසේවුවද එම කමිටු සඳහා සහභාගී වන්නේ ද නැද්ද යන්න පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ තීරණය ලබන අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.