ආපනශාලාවට ඇවිත් පහරදීලා-3ක් රෝහලේ
February 26, 2017 10:44 am
කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ පොල්අත්තපිටිය ප්රදේශයේ ආපනශාලාවකට පැමිණි පිරිසක් ආහාරගනිමින් සිටි පිරිසකට පහරදීමේ සිදුවීමක් වාර්තාවෙයි.
ඊයේ(25) දිනයේදී අදාළ පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
පහරදීමෙන් අනතුරුව පිරිස පළා ගොස් ඇති අතර පොලීසිය පැවසුවේ ප්රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු කුරුණැගල ශික්ෂණ රෝහලේ ප්රතිකර ලබන බවයි.
ඉන් එක් පුද්ගලයෙකුගේ තත්වය බරපතළ අතර ඔහු මේවන විට දැඩි සත්තාර ඒකකයේ ප්රතිකාර ලබන බව අප වාර්තාකරු පවසයි.
පොලීසිය පැවසුවේ පහරදීම සිදුකළ පුද්ගලයින් ප්රදේශයෙන් පළාගොස් ඇති බවයි.
මේ අතර පෝද්දල - බලගොඩ ප්රදේශයේ ත්රීරෝද රථ රියදුරෙකුට තවත් ත්රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු පහරදෙන අයුරු අදාල වෙළෙදසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරා වල සටහන්ව තිබුණි.
ප්රහාරයෙන් ත්රීරෝද රථ රියදුරාගේ එක් ඇසකට බරපතළ හානි සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ ප්රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බවයි.