කළුගඟ ව්‍යාපෘතියේ සේවකයෙක් මරු දකියි

කළුගඟ ව්‍යාපෘතියේ සේවකයෙක් මරු දකියි

February 26, 2017   10:36 am




මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතියේ ඉදිකිරීම් වැඩබිම තුළ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 මාතලේ - ලග්ගල ප්‍රදේශයේ දී පස්කන්දක් නායයෑමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම පස්කන්දට ව්‍යාපෘතියේ සේවකයින් තිදෙනෙකු යටවී ඇති අතර ඉන් දෙදෙනෙකු මුදාගෙන ලග්ගල රෝහලට ඇතුළත් කර තිබේ.

 එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

 පස්කන්දට යටවු තවත් පුද්ගලයෙකු බේරාගැනීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව සඳහන්ය.