ඝාතනය ගැන ඉන්දුනීසියානු කත උත්තර දෙයි
සයුරෙන් එතෙර

ඝාතනය ගැන ඉන්දුනීසියානු කත උත්තර දෙයි

February 26, 2017   10:09 am



උතුරු කොරියානු නායකයාගේ ඥාති සහෝදරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු කාන්තාව එම ඝාතනය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කර තිබේ.

 ඇය ප්‍රකාශ කර ඇත්තේ අදාළ උතුරු කොරියානු ජාතිකයා රැවටීමක් සිදුකරන ලෙස පවසා පුද්ගලයෙකු තමාට මැලේසියානු රිගිට් 400ක් හෙවත් අමෙරිකානු ඩොලර් 90ක මුදලක් ලබාදුන් බවය.

 ඉන්දුනීසියානු තානාපති නිලධාරීන් හමුවේ ඇය එම කරුණු අනාවරණය කර තිබේ.

 එහිදී කිම් ජොන් නම්ගේ මුහුණට බේබි ඔයිල් අලේප කරන ලෙස අදාළ පුද්ගලයින් උපදෙස් දුන් බව ඇය සඳහන් කර ඇත.

 එම පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබද හදුනාගැනීමට නොහැකි බව ද ඔහුගේ මුහුණ ජපන් හෝ කොරියන් ජාතිකයෙකුගේ මුහුණට සමාන බව ද ඇය ප්‍රකාශ කර තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් වියට්නාම ජාතික කාන්තාවක් ද උතුරු කොරියානු ජාතිකයෙකු ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව මැලේසියානු බලධාරින් ප්‍රකාශ කර ඇත.