වංචාකරුවන් ආරක්ෂා කරන්න ආණ්ඩුව උත්සහ කරනවා

වංචාකරුවන් ආරක්ෂා කරන්න ආණ්ඩුව උත්සහ කරනවා

February 26, 2017   09:53 am


මහ බැංකු මූල්‍ය වංචාව සාමාන්‍ය ක්‍රියාවලියක් බව පෙන්වීම සඳහා ආණ්ඩුවේ ඇතැම් පිරිස් ක්‍රියාකරන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට සම්බන්ධ වංචාකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තුළ සිටින ඇතැම්පිරිස් කටයුතු කරන බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ගමන් කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ගමන ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ගාල්ල - උළුවිටකේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.