හෙරොයින් සමඟ 1ක් දැලේ

හෙරොයින් සමඟ 1ක් දැලේ

February 26, 2017   09:52 am


මන්නාරම , උප්පුකුලම ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 මන්නාරම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රැම් 420ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

ඔහු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.