උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

February 26, 2017   09:15 am




තඹුත්තේගම සහ සෙනරත්ගම අතර ප්‍රදේශයේ දී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

කොළොන්නාවේ සිට අනුරාධපුරය බලා ධාවනය වු තෙල් ප්‍රවාහන දුම්රියක්  අද(26) අළුයම පීලිපැනීමට ලක්ව ඇති බව පාලක මැදිරිය සඳහන් කළේය.

මේ හේතුවෙන් අනුරාධපුරයේ සිට අද අළුයම 5.00ට කොළඹ බලා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබු දුම්රිය ප්‍රමාද කර ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.

පීලිපැනීමට ලක්වු තෙල් ප්‍රවාහන දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතියි.