රක්ෂිතයේ වැලි ප්රවාහනය කළ 3ක් අල්ලයි
February 26, 2017 08:00 am
මාන්කුලම් වීරාටිකුලම් රක්ෂිතයේ දී වැලි ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වැලි ප්රවාහනය කිරිම සඳහා යොදා ගත් ටිපර් රථ දෙකක් ද පොලිස් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මාන්කුලම් අඩවි වන නිළධාරි කාර්යාලය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.