සරසවියට ඇතුළුවන සිසුන්ට අමානුෂිකව සැලකීම  අනුමත කළ නොහැකියි

සරසවියට ඇතුළුවන සිසුන්ට අමානුෂිකව සැලකීම අනුමත කළ නොහැකියි

February 26, 2017   07:10 am


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදයට සම්බන්ධ සිසුන් ඒ සඳහා යොමුකිරීමට කටයුතු කළේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළු වන සිසුන්ට එලෙස අමානුෂික ලෙස සැලකීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

බේරුවල,වලතර මෙත්තාරාම විහාරස්ථානයේ අභිනව ශ්‍රී ධර්මජයන්ති  තෙමහල් ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.