නීතිඥ සංගම් විධායක සභාව අද රැස්වෙයි

නීතිඥ සංගම් විධායක සභාව අද රැස්වෙයි

February 25, 2017   01:00 pm




ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව අද(25) පෙරවරුවේ රැස්වී තිබේ.

නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස විධායක සභාව රැස්වී ඇති බව වාර්තා වෙයි.

නීතිඥ සංගමයේ නිලවරණය පසුගිය 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද විනිසුරුවරුන්ගේ සංගමය තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වීම හේතුවෙන් නිලවරණය දින නියමක් නොමැතිව කල්දැමීමට තීරණය කෙරුණි.

ඒ අනුව විනිසුරුවරුන්ගේ සංගමය නොමැතිව එම කටයුතු පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අද (25) දිනයේදී විධායන සභාව රැස්වී සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් නීතිඥ සංගම් නිලවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නැත.

එහෙත් නිතිඥ සංගම් ව්‍යවස්ථාවට අනුව නිලවරණය පවත්වා මාර්තු මස 25 වනදා වන විට නීතිඥ සංගමයේ අභිනව සභාපතිවරයා පිළිගැනීමේ උත්සවය පැවැත්විය යුතු බව වාර්තා වෙයි.