දේශසීමා තාප්පය නියමිත දිනට පෙර ආරම්භ කරනවා
සයුරෙන් එතෙර

දේශසීමා තාප්පය නියමිත දිනට පෙර ආරම්භ කරනවා

February 25, 2017   12:37 pm




‍අමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඉදිරිකිරීමට යෝජිත දේශසීමා තාප්පයේ කටයුතු නියමිත දිනට පෙර ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ සඳහා සෑම අමෙරිකානු ජාතිකයෙකුම උපරිම සහයෝගය ලබාදිය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

නෙරිලඩ් හි පැවැති සමුළුවක් අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රිම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම තාප්පය මහා දේශසීමා ප්‍රකාරයක් වනු ඇති බවයි.