ජය සිම්බාබ්වේ කණ්ඩායමටයි

ජය සිම්බාබ්වේ කණ්ඩායමටයි

February 25, 2017   12:33 pm



ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් හිමිකරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබේ.

සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වුණි.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

පන්දුවාර 38යි පන්දු 05කදී කණ්ඩායමේ සියලු දෙනා දැවී ඔවුන් ලකුණු 111ක් ලබාගත්තේය.

අස්ඩාර් ස්ටැනිස්සායි ලකුණු 19යි.

මොහොමඩ් නබි ලකුණු 17යි.

තරඟය අතරතුර ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් සිම්බාබ්වේ ඉනිම පන්දු 42කට සිමා කෙරුණි.

එම පන්දුවාර ප්‍රමාණය තුළදී ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 105කි.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 22යි පන්දු 02කදී කඩුලු 03ක් දැවී ලකුණු 107ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.

 සොලමන් මිරේ ලකුණු 46යි.

 පීටර් මූර් ලකුණු 36යි.