රාසේන්ද්‍රකුලම් වැසියන් විරෝධතාවක

රාසේන්ද්‍රකුලම් වැසියන් විරෝධතාවක

February 25, 2017   12:06 pm


රාසේන්ද්‍රකුලම් ගම්මානයේ ගම්වාසීන් පිරිසක් වව්නියාව දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

රාසේන්ද්‍රකුලම් ගම්මානයෙන් තමන්ට ඉවත් වන ලෙස වන සංරක්ෂණ නිලධාරීන් කළ දැනුම්දීමට විරෝධය පළ කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ස්ථීර පදිංචිව සිටි පවුල් 48ක් පමණ වන සංරක්ෂණ නිලධාරීන් විසින් එම ගම්මානයෙන් ඉවත් කර ඇති අතර වසර ගණනාවක් පදිංචිව සිටි තමන් හට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන ලෙස විරෝධතාකරුවන් ඉල්ලීමක් කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ  එම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහස් කොට ජනතාවට ලබාදීමට පියවර ගනිමින් සිටින බවත්, ඒ සඳහා යම් කාලසීමාවක් ගතවනු ඇති බවයි.