හෙරොයින් කිලෝ එකහමාරක් සමඟ 2ක් කොටු
February 25, 2017 11:21 am
හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 500ක් සමඟ විදෙස් ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ පොලිස් මත්ද්‍රව්‍යය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක සිටි විදෙස් ජාතිකයෙකු හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 සමඟ අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු 32 හැවිරිදි පකිස්ථාන ජාතිකයෙකු වන අතර ඔහු අද (25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර වැල්ලවත්ත දුම්රියපොළ ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ.
ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධීන් පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.