නීති විරෝධි ගිනි අවියක් සමඟ 1ක් මාට්ටු

නීති විරෝධි ගිනි අවියක් සමඟ 1ක් මාට්ටු

February 25, 2017   10:17 am



හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී නීති විරෝධි ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ කොට්ඨාස නීතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරින් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

සැකකරු රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද(25) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හංවැල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.