දෙතැනක මළ සිරුර 2ක්

දෙතැනක මළ සිරුර 2ක්

February 25, 2017   09:24 am



වාකරේ, අමන්දනාවේලි ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබේ.

සිරුර ගොඩගැනීමේදී එයට ගලක් ගැටගසා තිබූ බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ කිරිදවේලි, අමන්දනාවේලි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාකි.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(25) දින සිදුකිරීමට නියමිත අතර වාකරේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

බිරිද සහ සැමියා අතර ආරවුලක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

පශ්චාත් මරණ පරික්ෂණය අද(25) සිදු කිරිමට නියමිත අතර කඩවත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.