ගංජා කිලෝ 9ක් සමඟ 4ක් දැලේ

ගංජා කිලෝ 9ක් සමඟ 4ක් දැලේ

February 25, 2017   09:09 am



කේරළ ගංජා ළග තබාගෙන සිටි පුද්ගලයෙකු මිරිහාන, බැද්දගාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 10ක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද(25) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර මට්ටක්කුලිය, ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

එහිදී ඔවුන් සතුව තිබී  කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 400ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලීසියට බාරදුන් බව නාවික හමුදාව පැවසුවේය.