ව්‍යාජ ලිපි සකසා මුදල් වංචා කළ 2ක් මාට්ටු

ව්‍යාජ ලිපි සකසා මුදල් වංචා කළ 2ක් මාට්ටු

February 25, 2017   09:03 am



ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ ලෙස ඉඩම් ඔප්පුවක් සැකසීම මඟින් අදාළ වංචාව සිදුකර ඇති බව සඳහන්වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සපුගස්කන්ද හා යක්කල ප්‍රදේශවල පදිංචි 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් අද(25) දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.