නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට කටයුතු කරනවා

නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට කටයුතු කරනවා

February 25, 2017   08:54 am



මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල ගැටළුවක් බවට පත්ව ඇති නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ශල්‍යකර්ම බොහොමයක් ප්‍රමාද වන බවය.

මේ නිසා ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බව ජනාධිපතිවරයා පවසයි.

ඊයේ(24) පස්වරුවේ පැවති සාර්ක් කලාපීය රට වල නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමයේ 12 වෙනි මහා සභා රැස්වීමට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.