පහරදීමයි අපේ රජයයි අතර සම්බන්ධතාවක් නෑ

පහරදීමයි අපේ රජයයි අතර සම්බන්ධතාවක් නෑ

February 25, 2017   08:37 am


කීත් නොයර් මාධ්‍යවේදියා හට පහරදීම හා සිය රජය අතර සම්බන්ධතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ මීට පෙරද මාධ්‍යවේදීන්හට කරදර සිදුවූ අවස්ථාවන් ඇතත් ඒ සඳහා වගකීමක් සිය රජයට නොමැති බවය.

රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේය.