අරගලය ඇරඹෙන්නේ මේ වසරේදීයි

අරගලය ඇරඹෙන්නේ මේ වසරේදීයි

February 25, 2017   08:20 am

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ වහාම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිසැක වශයෙන් එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බිහිකරගැනීම සඳහා දැවැන්ත අරගලය ආරම්භ වන්නේ මේ වසරේදී බවය.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්  අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.