කිරි අලෙවි කරන්න බැරිව අසීරුතාවයට පත්වෙලා

කිරි අලෙවි කරන්න බැරිව අසීරුතාවයට පත්වෙලා

February 25, 2017   08:15 am

කිරි අලෙවි කරගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව පිටිගල ප්‍රදේශයේ කිරි ගොවීන් පවසයි.

නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් කිරි අලෙවි කරගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර තිබුණද එයද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ඔවුන් කියා සිටියි.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන්ට හා පෙර පාසල් වලට කිරි ලබාදීමේ ක්‍රමවේදයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කර තිබූ බව කිරි ගොවීන් පවසයි.

මේ වන විට සැපයූ කිරි සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.