ආසියා ප්‍රසම්පාදන සමුළුව ඇරඹෙයි

ආසියා ප්‍රසම්පාදන සමුළුව ඇරඹෙයි

February 20, 2017   02:39 pm


දකුණු  ආසියා ප්‍රසම්පාදන සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ වී තිබේ.

අද(20) සිට 23 වනදා දක්වා කොළඹ සහ මහනුවර ප්‍රදේශවලදී මෙම සමුළුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඉස්ලාමික් බැංකුව මුදල් අමාත්‍යංශය සහ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව එක්ව මෙවර සමුළුව සංවිධානය කර තිබේ.

2011 වර්ෂයේදී නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ කෙරුණු ප්‍රසම්පාදන සමුළුව 2014 වර්ෂයේදී පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී සහ 2015 වර්ෂයේදී බංග්ලාදේශයේ ඩකා නුවරදී සමුළුව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී  ලංකාවේදී  දකුණු ආසියා ප්‍රසම්පාදන සමුළුව පැවැත්වෙන්නේ සිව් වන වරටයි.