වැවකට මුවාවුණ පරිසර හානිය

වැවකට මුවාවුණ පරිසර හානිය

February 14, 2017   05:43 pm

මඳුනාගල අභය භූමියේ කොග්ගල්ල ප්‍රදේශයේ වැවක් ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් සිදුකෙරෙන මහා වන සංහාරයක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුයේ ය.

ඒ අනුව අපට දැකගත හැකි වුණේ සිත් පිත් නැති මිනිසුන් ගස් කොළන් කපා මෙම වැව සංවර්ධනය කරන මුවාවෙන් පස්කපන ආකාරයයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙහි ප්‍රමාණය ඉක්මවා පස් කපමින් දැවැන්ත වන සංහාරයක් ද සිදුකෙරෙන බවයි.

කෙසේ වෙතත් උකුස්සා වැඩි දුරටත් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ වැවේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් මෙහි ගල්කොරියක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි.

මේ පිළිබඳව උකුස්සා කළ විමසීමේදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ වැව ප්‍රතිංස්කරණය සඳහා අදාල පිරිස අවසර ලබා ගෙන තිබුණද මෙවැනි ගල් කොරියක් සම්බන්ධයෙන් අවසර ලබාගෙන නොමැති බවයි.

බලධාරීන් මෙවැනි වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවසර ලබාදී තිබුණද ඒවායේ පසු විපරමක් නොමැතිකමින් අද මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ. 

අද වන විට මෙම වන විනාශයේ තවත් අතුරු ප්‍රතිඵලයක් වශයෙන් වන අලීන් ගම් වැදීම හේතුවෙන් වන අලීන්ට මිනිසුන්ගෙන් එල්ලවන පීඩා හමුවේ වන අලීන් ගහනය අඩුවීමේ තර්ජනයකට ලක් ව තිබේ. 

ස්වභාවධර්මය මුළුමනින්ම වනසා දමමින් සිදුවන මෙවන් ක්‍රියා නීතීයේ රැහැනට හසුකරගන්නා තෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන් සිටියි.