පාසල් සිසුන් බිලිගන්නා මත්ගුලි කර්මාන්ත ශාලාවක් උකුසු ඇසට
February 7, 2017 10:57 am
පාසල් සිසුන්ගේ අනාගතය බිලිගන්නා මහා පරිමාණ මත්ගුලි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට කොටුකර දීමට අද දෙරණ උකුස්සා සමත් වී ඇත.
පාසල් ළමුන් සහ තරුණ කොටස ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන මත්ගුලි ජාවාරමක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොළඹගේ ආර
ප්‍රදේශයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුයේය. ඒ අනුව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන්ද සමඟ උකුස්සා ද මෙම ගමනට එක් විය.
එහිදී උකුස්සාට දැකගත හැකි වුණේ එහි තිබූ කුටියකින් කිසිඳු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පුද්ගලයෙකු විසින් මත්ගුලි අලෙවි කරන ආකාරයයි.
පළමුව එහි ගිය උකුස්සා කුටියේ සිටි පුද්ගලයාගෙන් මත්ගුලි අලෙවිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.
එහිදී වැඩිදුරටත් කළ සොයා බැලීමේදී උකුස්සාට දැකගත හැකි වුණේ මහාපරිමාණයෙන් යන්ත්‍රෝපකරණ යොදාගෙන එහි මදනමෝදක
නැමැති මත්ගුලි නිෂ්පාදනය කරන ආකාරයයි.
නීත්‍යානුකූලව වෙළඳපොළේ අලෙවිකරන මදනමෝදක සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් විෂහරණය කළ කංසා යෙදිය යුතු වූවත් මේ
ජවාරම්කරුවන් කිසිඳු විෂහරණයකින් තොරව මේ සඳහා කංසා යොදන බව එහිදී උකුස්සාට දැකගත හැකි වුයේ ය.
මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වුයේ ඇතැම් පිරිස් මොවුන්ගෙන් මත්ගුලි මිළදී ගෙන පාසල්
ළමුන් වෙත අලෙවි කිරීම සඳහා තොග වශයෙන් රැගෙන යන බවයි.
මෙහිදී මත්ගුලි විසිදහසක් පමණ අත්අඩංගුවට ගත් අතර මත්ගුලි නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය තොගයක්ද සොයා ගනු ලැබුවා.
ඒවායේ වටිනා කම රුපියල් ලක්ෂ 15ක් පමණ වන අතර සැකකරු මේ වන විට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
දැයක් වනසන මෙවන් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකරදීමට උකුස්සා නිරන්තර අවධියෙන් සිටිනු ඇත.