වැට් මෑන් කියන අය ළඟදීම ගුඩ් මෑන් කියයි

වැට් මෑන් කියන අය ළඟදීම ගුඩ් මෑන් කියයි

January 24, 2017   10:28 pm


මේ මොහොත් තමාට වැට් මෑන් කියමින් විවේචනය කරන පිරිස් වැඩිකල් නොගොස් ගුඩ් මෑන් කියනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මේ මොහොත් අති විශාල වියදමක් දරන්නට  රජයට සිදුව ඇති බවත්, ඒවා දරා නොගෙන එදිනෙදා පාලනය ගෙනයා නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ අද (24)‘තිරසර දැක්ම‘ නව විද්‍යාගාර සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

විශ්‍රම වැටුප් ගෙවීමට රු.බිලියන 180ක් වාර්ෂිකව වැයවන බවත්, වැටුප් ගෙවීම සඳහා බිලියන 692ක් වැයවන බවත්, ආදායම ලෙස බිලියන 2000ක් ලැබෙනවිට  ණය ලෙස බිලියන 1500ක් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මේ හේතුව නිසා බදු සංශෝධන සිදුකිරීමට සිදුවුවත්, තිරසර සංවර්ධනයේ ඉලක්ක අත්පත් කරගනිමින් ඉතා කෙටි කලක් තුළ වඩා සුභවාදී දිශාවකට රට යොමුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර මහ බැංකුවේ සිටින නිලධාරීන් කිහිප දෙනෙකු රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි .

එම නිලධාරීන්ගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සකස් කළ වාර්තාව පිළිබඳව පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.