වාලම්පුරි ගනුදෙනුවක් ව්‍යර්ථ වෙයි

වාලම්පුරි ගනුදෙනුවක් ව්‍යර්ථ වෙයි

January 24, 2017   09:56 am




රුපියල් කෝටි 10ක මුදලකට වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයින් හත් දෙනෙකු මඩකළපුව කල්කුඩා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙක් මාර්ගයෙන් මෙම  වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් සතුව තිබූ ත්‍රි රෝද රථයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.

 අඩි එකහමාරක් පමණ දිගකින් යුත් මෙම වාලම්පුරිය රුපියල් කෝටි 10ක මුදලකට විකිණීමට සැකකරුවන් විසින් උත්සාහ කර තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් මාතලේ, පොළොන්නරුව සහ වාලච්චේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදුන් බව පොලිස් විශේෂ කාර්යයය බලකාය සඳහන් කළේය.