රනිල් මෛත්‍රී විශේෂ හමුවක්

රනිල් මෛත්‍රී විශේෂ හමුවක්

January 24, 2017   09:34 am



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ(23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබදව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්විට්සර්ලන්ත සංචාරය පිළිබදව ද අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සඳහන් වෙයි.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.