අද සිට රාජ්‍ය ආයතනවල ඩෙංගු නසයි
January 24, 2017 09:24 am
රාජ්‍ය ආයතන තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (24) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කොටගෙන රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීම එම ආයතන විසින්ම අද දිනයේ සිදුකිරීමට නියමිතයි.
ඊට සමගාමීව හෙට (25) සිට තුනක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් රාජ්‍ය ආයතන පරීක්ෂාවට ලක් කිරීම සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
පසුගිය දිනවල ඇති වු කාලගුණික විපර්යාසයත් සමග ඩෙංගු රෝගය පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කර සිටියේය.