සරසවි අත්පොත හෙට එයි

සරසවි අත්පොත හෙට එයි

January 24, 2017   09:12 am




නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට අයදුම් කිරීම හෙට(25) දිනයේ සිට සිදුකළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ පෙබරවාරි 20 වන දින දක්වා විශ්වවිද්‍යාලවලට අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.

 2016 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සමත් සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත හෙට දිනයේ සිට අන්තර්ජාලයෙන් සහ පොත්හල් මඟින් ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙවර විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීම ඔන්ලයින් මාර්ගයෙන් පමණක් සිදුකළ යුතු වන අතර www.ugc.ac.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.