බඹර ප්‍රහාරයෙන් 29ක් රෝහල් යයි

බඹර ප්‍රහාරයෙන් 29ක් රෝහල් යයි

January 24, 2017   08:53 am



පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සහ ගුරුවරියන් තිදෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

අදාළ පාසලේ ගසක තිබූ බඹර කූඩයක් සුළඟට ඇවිස්සීයාමෙන් මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.

එහිදී පාසල් සිසුන් 25 දෙනෙකු, පාසලේ විදුහල්පතිවරයා සහ තවත් ගුරුවරියන් තිදෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

තුවාල ලැබූවන් කිලිනොච්චිය සහ ධර්මපුරම් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අදාළ බඹර කූඩුව පුදුකුඩිඉරිප්පු පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.