බලපත්ර නොමැතිව පතල් කැණීම් කළ පුද්ගලයන් දැලේ
January 22, 2017 05:12 pm
බලපත්ර නොමැතිව පතල් කැණීමේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු රත්නපුර දොම්පේ නාරන්ඇල්ල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කහවත්ත පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
එහිදී පතල් කැණීම් සදහා යොදාගත් උපකරණ ද පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.
ඉදිරි විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.