රජයේ බැංකුවකින් ලක්ෂ 57ක් කොල්ලකාලා
January 22, 2017 03:34 pm
මොණරාගල, මැදගම ප්රදේශයේ රජයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්රය බිඳ එහි තිබූ මුදල් රුපියල් පනස් හත් ලක්ෂ හැත්තෑ පන්දහස් අට සීයක (57,75 800) මුදලක් කොල්ල කා තිබේ.
ඉකුත් 20 වන දින මෙම කොල්ලකෑම සිදුකර ඇති බවත්, අද දිනයේ ශුද්ධ පවිත්ර කිරීමට බැංකුවේ කම්කරු සේවකයින් පැමිණීමෙන් පසු සිද්ධිය දැන පොලීසියට පැමිණිලි කර ඇති බවත් පොලීසිය පවසයි.
ඒ අනුව සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු මෙවන් කොල්ලකෑමක් සිදුව ඇති බව තහවුරු කරගෙන තිබේ.
සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.