පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරූ ධීවරයින් දැලේ

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරූ ධීවරයින් දැලේ

January 22, 2017   03:18 pm



පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් මසුන් මැරීමේ නිරත වු ධීවරයින් තිදෙනෙකු සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තලෙයිමන්නාරම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් විද්‍යුත් නොවන ඩෙටනේටර් 8 ක්, ජෙලට්නයිට් කූරු 4 සහ GPS යන්ත්‍රයක්, කිමිදීම සඳහා යොදාගන්නා මුහුණු ආවරණ 4 ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේය.