පාකිස්ථාන හා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිටිය

පාකිස්ථාන හා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිටිය

January 22, 2017   02:26 pm



සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගය මේ වන විට පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 40ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 235ක් ලබා සිටියේය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වු  ඩේවිඩ් වෝනර් ලකුණු 130ක් ලබාගැනීමට සමත් විය.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ට්‍රැවිස් හෙඩ් ලකුණු 5ක් ද ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 13ක් ද ලබා සිටියි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දැවී ගිය කඩුලු තුනම  හසන් අලී විසින් බිද හෙලීම විශේෂත්වයකි.