ජලාශවලින් ජලය නිකුත් කිරීම නතර කිරීමට පියවර

ජලාශවලින් ජලය නිකුත් කිරීම නතර කිරීමට පියවර

January 22, 2017   01:36 pm



දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව ලැබීමත් සමග ජලාශවලින් ජලය නිකුත් කිරීම නතර කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ මෝහන රාජා මහතා සදහන් කළේ සුළු වශයෙන් හෝ වර්ෂාව ලැබීම හේතුවෙන් ජලාශවලින් නිකුත් කෙරෙන ජලය රදවා තබාගැනීමට හැකියාව පවතින බවයි.

කෙසේවෙතත් පසුගිය දින දෙක තුළ ලැබුණු සුළු වර්ෂාපතනයෙන්  ජලාශවල ජල මට්ටම ඉහළ යාමට තරම්  බලපෑමක් සිදුනොවූ බව ද ඔහු සඳහන් කළේය.


 මේ අතර පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට  අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ පෙබරවාරි මාසයේ සිට පෞද්ගලික අංශයෙන් එම විදුලිය මිලදීගැනීම් සිදුකෙරෙන බවයි.