ඉදිරියේ දී ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමේ දී දැල් බෑ

ඉදිරියේ දී ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමේ දී දැල් බෑ

January 22, 2017   01:24 pm




ජී.එස්.පී.ප්ලස් බදු සහනය ලැබීමත් සමඟ මත්ස්‍ය අපනයනට සියයට 15ක බදු සහනයක් ලැබෙන බව ධීවර අමාත්‍යාංශය පවසයි.

එමගින් මත්ස්‍ය අපනයන ආදායම වැඩි කරගැනීමට හැකියාව පවතින බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ වනවිට පවතින මත්ස්‍ය ඉල්ලුම ද ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී ජී.එස්.පී.ප්ලස් බදු සහනය ලැබීමත් සමඟ එම ඉල්ලුම වැඩි වන බැවින් මත්ස්‍ය අස්වැන්න  වැඩිකර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ධීවර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ යටතේ මසුන් මැරීමේ දී නව තාක්ෂණික ක්‍රම හදුන්වාදීමට පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉදිරියේ දී ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමේ දී දැල් භාවිත කිරීම සම්පුර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර තිබේ.

ඒ වෙනුවට නව තාක්ෂණික ක්‍රම මගින් මසුන් ඇල්ලීමේ කටයුතු පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීම  මේ වන විටත් ආරම්භ කර ඇති බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.‍