ගල් අඟුරු වංචාවේ වගකීම ජනාධිපතිවරයා විසින් බාරගත යුතුයි
January 22, 2017 12:45 pm
ගල් අඟුරු වංචාවේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බාරගත යුතු බව පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ගල් අඟුරු ටෙන්ඩරය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා එය දැනගත යුතුව ඇති බවත් කාරියවසම් මහතා කියා සිටියේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මේ සම්බන්ධයෙන් සෙවීමට කේ.ඩබ්ලිව් කමිටුව පත්කර ඇතත් එම කමිටුවට මිලියනයක මුදලක් පගාවක් ලෙස දී ඇති බවත්, ලංකා කෝල් කම්පැණි (ගල් අඟුරු) සභාපති, නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉවත්කිරිම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් කළ යුතුව ඇති බවත් ඔහු අවධාරණය කළේය.
ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් අධිකරණයට ගිය අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත්කරන විට අධිකරණයේ හෘද සාක්ෂිය කම්පා කරවන සිදුවීමක් බව ප්‍රකාශයට පත්කෙරුණු බවත්, එසේ වුවද යළිත් ටෙන්ඩරය ලබාදී ඇත්තේ අදාළ සමාගමටම පමණක් බවත් ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදීද මේ ආකාරයෙන් වංචා සිදුවූ බවට ඇතැමුන් චෝදනා කරනු ලැබුවද, එකී අවුරුදු 5ටම වඩා මේ අවුරුද්ද තුළ පමණක් මේ ආණ්ඩුව විසින් සිදුකළ වංචාවන් වැඩි බව කාරියවසම් මහතා කියා සිටියේය.
මෙම අවස්ථාවට එක්වුණු හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා කියා සිටියේ මෛත්‍රී සමග එක්වීමට කැමති බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇතත් කොන්දේසි මොනවාද යන්න ප්‍රකාශයට පත්කර නොමැති බවයි.
ශ්‍රීලනිපයේ සභාපතිත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතුව ඇති බවත්, එයින් තොරව එකඟත්වයක් ඇතිකර ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත් පෙරේරා මහතා කියා සිටියේ මාධ්‍යෙව්දියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙනි.