ගංජා ළඟ තබාගත් අයෙක් මාට්ටු

ගංජා ළඟ තබාගත් අයෙක් මාට්ටු

January 22, 2017   10:25 am



ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මිනුවන්ගොඩ, මඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදි ඔහු සතුව තිබී  ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 08ක් පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරු 42 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.