දෙවන 20/20 තරගය අදයි
January 22, 2017 09:22 am
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර දෙවන 20/20 තරගය අද (22)පැවැත්වේ.
තරගය දකුණු අප්රිකාවේ ජොහැන්නර්ස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර පැවති පළමු 20/20 තරගය ලකුණු 19කින් ජයගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය.
තෙවන 20/20 තරගය ලබන 25 වන දින කේප්ටවුන්හිදී පැවැත්වීමට නියමිතය.