ඉදිරි සතිය තීරණාත්මකයි!

ඉදිරි සතිය තීරණාත්මකයි!

January 22, 2017   08:39 am




ඉදිරි සතිය දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවට වැදගත් තීන්දු තීරණ රැසක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

 කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල ක‍ළේය.

මේ අතර වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව ඒකරාශී වෙමින් සිටින බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතා සහයෝගය මත ආණ්ඩුව වෙනස් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවයි.

 මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

 මේ අතර කඩිනමින් ආණ්ඩු වෙනසක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

 හිටපු ජනාධිපතිවරයා වටා ජනතාව යළි එක්රැස් නොවන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කරයි.